‘කලාපීය යුද්ධයක්’ ගැන ඉරාන උත්තරීතර නායකයා අනතුරු අඟවයි

0
‘කලාපීය යුද්ධයක්’ ගැන ඉරාන උත්තරීතර නායකයා අනතුරු අඟවයි

‘කලාපීය යුද්ධයක්’ ගැන ඉරාන උත්තරීතර නායකයා අනතුරු අඟවයි

අමෙරිකාව ඉරානයට එරෙහිව ඕනෑම මිලිටරි ප්‍රහාරයක් සිදු කළහොත් එය හුදෙක් දෙරට අතර ගැටුමකට සීමා නොවී සමස්ත කලාපයම වෙළාගත් “කලාපීය යුද්ධයක්” දක්වා ව්‍යාප්ත වන බවට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අනතුරු ඇගවීමක් සිදු කර ඇත.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පහර දෙන බවට කළ තර්ජන සහ යුරෝපීය සංගමය ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ගත් තීරණයෙන් පසුව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉරිදා අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“ඇමරිකානුවන් යුද්ධයක් ආරම්භ කළහොත්, මෙවර එය කලාපීය යුද්ධයක් වනු ඇති බව දැනගත යුතුය,” කමේනි පැවසූ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය උපුටා දක්වා ඇත. “අපි උසිගන්වන්නන් නොවන අතර අපි කිසිදු රටකට පහර දීමට උත්සාහ නොකරමු, නමුත් ඉරාන ජාතිය එයට පහර දෙන හෝ හිරිහැර කරන ඕනෑම කෙනෙකුට දැඩි පහරක් එල්ල කරනු ඇත.” යනුවෙන්ද ඔහු අවධාරණය කර තිබේ.

ටෙහෙරානයට එල්ල වන මිලිටරි පීඩනය මධ්‍යයේ කමේනිගේ ප්‍රබලම අනතුරු ඇඟවීම මෙම ප්‍රකාශයන් මගින් සනිටුහන් වේ.

මේ අතර වොෂින්ටනය පවසා ඇත්තේ ට්‍රම්ප් යුද්ධයෙන් වැළකී සිටීමට බලාපොරොත්තු වන බවත් සාකච්ඡා මාර්ගයෙන් විසදුමකට කැමති බවත් නැවත නැවතත් පවසා ඇතත්, එහි විකල්ප කිරා මැන බලන බවයි. කෙසේ වෙතත්, ටෙහෙරානයට එහි න්‍යෂ්ටික වැඩසටහන සහ විරෝධතාකරුවන්ට එරෙහිව බලය යෙදවීම සම්බන්ධයෙන් ගිවිසුමකට එකඟ වීමට කාලය අවසන් වෙමින් පවතින බවට ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com