යුද්ධයෙන් පලස්තීනූවන් 70,000ක් මිය ගොස් ඇති බවට ඊශ්‍රායලය පිළිගනියි

0
යුද්ධයෙන් පලස්තීනූවන් 70,000ක් මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පිළිගනියි

යුද්ධයෙන් පලස්තීනූවන් 70,000ක් මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පිළිගනියි

හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදාව අතර පැවැති ගැටුම්වලින් පලස්තීනූවන් 70,000ක් පමණ මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පිළිගෙන තිබේ.

ඊශ්‍රායල පුවත්පතක් වන යෙන්ඩියොත් අහ්‍රොනොත් (Yedioth Ahronoth) වෙත එරට ආරක්ෂක අංශ මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම සංඛ්‍යාවට අතුරුදන් වූවන් ඇතුළත් කර නොමැති බවටද සඳහන් වේ.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශ පසුගිය බදදා (28) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ගැටුම්වලින් පුද්ගලයින් 71,667 දෙනෙකු මිය ගොස් ඇති බවය.

එමෙන්ම පුද්ගලයින් 171,343 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඔක්තෝබර් මස මැද භාගයේ සටන් විරාම ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 492 දෙදෙනෙකු මිය ගොස් ඇති අතර එම සංඛ්‍යාවද ඊට ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත් මිය ගිය පිරිස අතර සිටින සටන්කාමීන් සහ සිවිල් වැසියන් වෙන් වෙන් වශයෙන් නම් ගණනය කර නොමැති බව ද එම සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුද්ධයේ ආරම්භ අවධියේ ඊශ්‍රාලය ආරක්ෂක හමුදා විසින් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන නිවැරදි නොවන බවට චෝදනා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com