ඉතිහාසයේ පළමු වරට රන් මිල ඩොලර් 5,500 ඉක්මවයි
රන් මිලේ වෙනසක්
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව ඊයේ (29) අලුයම රන් අවුන්සයක මිල දැක්වුයේ, අමෙරිකානු ඩොලර් 5,579ක් ලෙසයි.
බදාදා දින (28) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 5,164ක් ලෙස සඳහන් විය.
අමෙරිකානු ඩොලරයේ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන්, ලොව පුරා අයෝජිකයින් සහ මහ බැංකු රත්‍රන්වල ආයෝජනය කිරීම සහ සංචිත රැස් කිරීම රත්‍රන් මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමට හේතුව බව විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දේ.




