ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

0
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වනපරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථානමාරු කිරීම් සිදුකර ඇති බව සඳහන් වනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු මෙලෙස ස්ථානමාරු කිරීම් සිදුකර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ සේරම් – ගාල්ල දිසාව සිට බඳවාගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර – ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරුකර යවා තිබෙනවා.

ගම්පොළ කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ටී.එච්.ඊ.එල්.පෙරේරා මහතා කොළඹ උතුර කොට්ඨාසයටත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එම්.ගුණවර්ධන මහතා මොනරාගල කොට්ඨාසයේ සිට පොලිස් මූලස්ථානයටත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ආර්.පුෂ්පකුමාර මහතා කොළඹ උතුර කොට්ඨාසයේ සිට විශේෂිත ගුවන්තොටුපොළ කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලෙසත් මාරුකර යවා තිබෙනවා.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒ.උදය කුමාර මහතා කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙසත් පොලිස් මූලස්ථානයේ අතිරේක මූලස්ථාන පරිපාල අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඩබ්. එම්.එස්.බී. වික්‍රමසිංහ මහතා මොනරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත් මාරුකර යවා තිබෙනවා.

මීට අමතරව මහනුවර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ පී.ඩී. ඉලංගකෝන් මහතා ගම්පොළ කොට්ඨාසයටත් මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com