පොලිස් නිලධාරින්ගේ දැඩි හිඟයක් – අනාවරණයක්
පොලිස් නිලධාරින්ගේ දැඩි හිඟයක් - අනාවරණයක්
ශ්‍රී ලංකා පොලිස් සේවයේ දැනට පවතින දැඩි නිලධාරී හිඟය පිළිබඳව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විශේෂ කරුණු අනාවරණය කර තිබේ.
පොලිස් අපරාධ කොට්ඨාසයේ ඇඟිලි සලකුණු, අපරාධ විශ්ලේෂණ සහ වෝහාරික ඡායාරූප ශිල්පීන්ගේ සේවය ඇගයීම සඳහා ඊයේ (30) පැවති උත්සවයකදී ඔහු පෙන්වා දුන්නේ, අද වන විට පොලිස් සේවයට අවශ්‍ය නිලධාරීන්ගෙන් 32,000කට ආසන්න හිඟයක් පවතින බවයි.
පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙම වසරේදී නිලධාරීන් 2,500ක් සහ ලබන වසරේදී තවත් 2,700ක් විශ්‍රාම යාමට නියමිත බවයි.
මෙම තත්ත්වය හමුවේ සේවයේ පවතින පුරප්පාඩු පියවීම සඳහා ඉදිරි කාලසීමාව තුළ නවක නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවද ඔහු අනාවරණය කළේය.




