ගල් අගුරු නිසා ලැබුණු ඩො.මි 2.1ක දඩය
ගල් අගුරු නිසා ලැබුණු ඩො.මි 2.1ක දඩය
ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ආනයනය සම්බන්ධයෙන් අදාළ සමාගමෙන් ඇමෙරිකා ඩොලර් මිලියන දෙකයි දශම එකක දඩ මුදල් අයකරගත් බව ලංකා ගල්අගුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පවසයි.
මතභේදාත්මක ගල්අගුරු ආනයන සිද්ධිය පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කලේය.




