වසාදැමූ පාසලක් යළි පටන් ගන්න NBRO නිර්දේශ

0
වසාදැමූ පාසලක් යළි පටන් ගන්න NBRO නිර්දේශ

වසාදැමූ පාසලක් යළි පටන් ගන්න NBRO නිර්දේශ

නායයෑමේ අවධානමක් නිසා මාස 02ට ආසන්න කාලයක් වසා දමා තිබූ නාවලපිටිය අනුරුද්ධ කුමාර ප්‍රාථමික විදුහලේ අධ්‍යන කටයුතු යළි ආරම්භ කිරිමට අවශ්‍ය නිර්දේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) ඊයෙ (25) ලබා දී තිබේ.

ඉකුත් නොවැම්බර් 27වනදා ඇති වූ අයහපත් කාලගුණයක් සමග මෙම විද්‍යාලයට ඉහළින් පිහිටි ශ්‍රී කවීෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේ ආරක්ෂිත බැම්ම නාය යෑමට ලක්වුණා.

ඒ හේතුවෙන් මාස දෙකක් වැනි කාලයක් පුරාවට එම පාසල NBRO නිර්දේශ මත වසා දමනු ලැබුවා.

නව වසරේ පළමු පාසල් වාරය ආරම්භයත් සමග 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා වූ පන්ති පැවැත්වීමට මෙතෙක් හැකියාවක් නොලැබීම හමුවේ, ඒ පිළිබඳ දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන් අතර දැඩි මතභේදකාරී තත්ත්වයක්ද මතුවී තිබුණා.

දෙමාපියන් කියා සිටියේ දේශපාලන මතගැටුම් නිසා මෙම නායගිය පස් කොටස ඉවත්කර පාසල යළි ආරම්භ නොකරන බවයි.

ඒ අනුව ඊයේ (25) දිනයේ නැවත එම ස්ථානයේ නිරීක්‍ෂණය කළ භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ භූවිද්‍යා නිලධාරී සමන්ත බෝගහපිටිය මහතා නැවත පාසල ආරම්භ කිරීම සඳහා අවශ්‍යා නිර්ණායක ලබාදි තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com