2026 ගෙවුණු දින 22ට විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් 480කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට

0
ගොඩගැසුණු රස පරීක්ෂක වාර්තා 9,000ක කටයුතු මේ මාසයේදී අවසන් කිරීමට පියවර

ගොඩගැසුණු රස පරීක්ෂක වාර්තා 9,000ක කටයුතු මේ මාසයේදී අවසන් කිරීමට පියවර

2026 වසරේ ගෙවුණු දින 22ට විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් 480කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර විෂ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිත කොට ප්‍රවාහනයේ යෙදෙන රියදුරන්, කොන්දොස්තරවරුන්, රිය සහායකයන් පිළිබඳ තොරතුරු දැනගත් වහාම දැනුම් දෙන්නැයි අමාත්‍ය බිමල් රත්නායක මගී ජනතාව ඇතුළු පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගෙවුණු දින 22ට බීමත් රියදුරන් එකොළොස්දහසක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *