ඥානසාර හිමිගෙන් යළිත් වඳ කතාවක්

0
ඥාණසාරගෙන් යළිත් වඳ නාඩගමක්

ඥාණසාරගෙන් යළිත් වඳ නාඩගමක්

පසුගිය වසර 10 තුළ උපත් වේගයන් අනුව 877,000ක් මෙරට මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කර ඇති බවත්, 2012 වසරේදී පමණක් 6000කට අධික මව්වරුන් සංඛ්‍යාවක් වන්ද්‍යකරණයට ලක් කර ඇති බවත්, බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

මව්වරුන්ගේ සංගමය විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර උන්වහන්සේ මේ බව සඳහන් කලේය.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මෙවැනි දෙයක් තමන් වහන්සේ ඇතුළු කණ්ඩායම පෙන්වා දුන් පසු, ඒ අදාළ මාතෘකාව ජනතාවට ලබාදෙනවා වෙනුවට අවිද්‍යාත්මක දේශපාලන කල්ලි මෙය ‘වඳ කොත්තු’ වැනි විවිධ මාතෘකා ඔස්සේ විකෘති කරමින් අදාළ මාතෘකාව යටපත් කළ බවයි.

මිට අවුරුදු 2ට ඉහතදී මව්වරුන්ගේ සංගමය නියෝජනය කරමින් කිහිපදෙනෙක් තමන් වහනසේව මුණ ගැසීම සඳහා පැමිණි බවත්, ඔවුන් තමන් සමඟ සාකච්ජා කල කරුණු අනුව ගම්‍ය වූයේ, අවධානම් සහගත, අන්තරායකර තත්වයන් ඔවුන් තමාට පෙන්වා දුන් ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ තිබූ බවත් උන්වහන්සේ චෝදනා කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ,

“1973 අවුරුද්දේ ලෝක ජනගහන පාලනය පිළිබඳ යෝජනාවක් එනවා. ඒ අනුව 1973 අවුරුද්දේ ලංකාවේ පිහිටවනවා ආයතනයක් psl කියලා. (population services lanka) මේක පාර්ලිමේන්තු පනතකින් ඇවිල්ලා තියෙන්නේ. 1980 දී ඒගොල්ලන්ගේ වැඩ පටන් ගන්නවා. මේකට තව රාජ්‍ය නොවන සංවිධානයක් එකතු කරගන්නවා. ඒකට කියන්නේ මාරිස්ටොප් කියලා. මේ සංවිධාන දෙක එකතු වෙලා ලංකාවේ ජන ඝනත්වය පාලනය කරන්න වන්ද්‍යාකරන පනත ගේනවා. 80 පටන් ගන්නවා 83 වෙනකොට වන්ද්‍යාකරණ තත්ත්වය දකිනවා. ඔන්න එතකොට තමයි යම් සාකච්ඡාවක් ඇතිකරගන්නේ මොකක්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ 1988 දී තමයි නැවත මේක සාකච්ඡාවට බඳුන් කරලා එතනදි වෙනස්කමක් කරනවා අවුරුදු 26 සම්පූර්ණ නම් කාන්තාවක් ඇයට පුළුවන් ළමයි දෙන්නෙක් ඉන්නවා නම් නිල වශයෙන් එයාට පුළුවන් වඳ සැත්කමක් කරගන්න. ඒකේ කෙලවර මොකද්ද? පහුගිය අවුරුදු දහයේදී අපි අරගෙන බලපුවහම කොහොමද මේ උපත් වේගයන් කියලා 877,000ක් මේ රටේ මව්වරුන් වඳ කරලා තියෙනවා.

2012 අවුරුද්දේ විතරක් හයදහස් හත්සිය ගානක් වඳ කරලා තියෙනවා. දැන් අපි මේක කිව්වහම ඒ අදාළ මාතෘකාව මිනිස්සුන්ගේ ඔලුවට යන්න ඉඩ දෙනවා වෙනුවට මේ අවිද්‍යාත්මක දේශපාලන කල්ලි මේක අල්ලගෙන හැදුවා අර වඳ කොත්තු එක එක දේවල් හදලා අර ඇත්ත කතාව යටපත් කළා. ඒ වගේ දැන් මේ මව්වරුන්ගේ පෙරමුණ මේ තියෙන අවදානම පෙන්නමින් එනකොට මේකෙ තියෙන කරුණු උකහාගෙන ඇත්ත වශයෙන්ම අපි කවුරුත් පිළිගන්නවානේ මේ අධ්‍යාපනය හරි වෙහෙසකර එකක් කියලා. මේ ලෝකෙට ගැළපෙන අධ්‍යාපනයක් නෙවෙයිනේ මේ. දැන් උදාහරණයක් විතරක් නව තාක්ෂණය මේ නවතාවන් ඉතා වේගයෙන් දියුණු වෙනවා කියලා කෘෂිකර්මාන්තය අතහැරලා හරියන්නේ නෑනේ. ජපානය දියුණු රටවල් කොරියාව ගත්තත් මේ කාර්මික රටවල් ලෝකෙ ප්‍රංශෙට ගිහිල්ලා බැලුවත්, ජර්මනියට ගිහිල්ලා බැලුවත් මේ නවීන විද්‍යාව හා තාක්ෂණය එක්ක ඒහොල්ලොන්ගේ කෘෂිකාර්මාතය දියූ කරන්න අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අදාළ මිනිස්සු ගොනු කළා. එහෙම විප්ලවයක් එපැයි එන්න. ඒ වෙනුවට මේ විනාශය දැනටත් අපට ආරංචි විදියට ස්ත්‍රී පුරුෂභාවය මේ වෙනස් කිරීම සම්බන්ධයෙන් යම් යම් තැන්වල අතහදා බැලීම් කරමින් ඉන්නවා. ඉතින් මේක ඇත්තටම ත්‍රස්තවාදයක්. අපි ඒ වගේ ත්‍රස්තවාදයන් කීයකට මුහුණ දෙමින් ඉන්නවද..”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com