LPL තරගාවලියට දින නියම වේ.
2026 LPL තරගාවලිය ජූලි 17 වනදා සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය වසරේ පැවැත්වීමට කටයුතු යොදා තිබියදී කල්දැමූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ 6වන අදියර ලබන ජූලි මස 8වැනිදා ආරම්භ කිරිමට කටයුතු යොදා තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසා සිටියේ, තරගාවලිය අගෝස්තු 8වනදා දක්වා පැවැත්වෙන බවය.
ඒ අනුව තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත මාර්තු 22 වනදා පැවැත්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.
මෙම තරගාවලිය පසුගිය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.
කෙසේ නමුත් මෙම වසරේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියවේ සම සත්කාරකත්ව යටතේ පැවැත්වෙන T20 ලෝක කුසලානයට ක්‍රීඩාංගණ සකස් කිරීම සඳහා තරගාවලිය කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළේය.




