දෙරණෙට පැමිණ නලින්ද නයා ගැන පවසයි
දෙරණෙට ඇවිත්ම නලින්ද නයා ගැන කියලා
භූගෝල විද්‍යාව වැනි විෂයක් ඉගෙන ගත් දරුවෙකු පොළොව දෙබෑ කරමින් නයින්ට පැමිණීමට නොහැකි බව තේරුම් ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඇතැම් දේශපාලන කල්ලි සිය පටු අරමුණු වෙනුවෙන් අසත්‍ය තොරතුරු පතුරවමින් දෙමව්පියන් සහ දරුවන් කුලප්පු කිරීමට උත්සාහ කරන බවයි.
පුරවැසි අධ්‍යාපනය පොතේ පිටකවරයේ පාට සහ පරිසර ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති සමනලුන්ගේ රූප පවා ඇතැමුන් ප්‍රශ්න කරන බව පෙන්වාදුන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, ඒ පිටුපස අසභ්‍යකරණයක් හෝ වෙනත් නැමියාවන් ඇති බවට කරන ප්‍රකාශ හාස්‍යජනක බව සඳහන් කලේය.
හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන රජිත් කීර්ති තෙන්නකෝන් පවා ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබූ බවත්, එම පාට සම්බන්ධයෙන් ඇති ගැටලුවක් කුමක්ද යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී විමසා සිටියා.
එමෙන්ම ඉංග්‍රීසි මොඩියුලයේ ඇති එක් කරුණක් පදනම් කරගෙන සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම විනාශ කිරීමට ඉඩ නොදෙන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වැඩපිළිවෙළ තාවකාලිකව කල් දැමුවේ ජනතාව මේ පිළිබඳව නිවැරදිව දැනුවත් කිරීමට බවයි.
“අපි මේක කල් දැම්මේ, නොදන්න අයට කරුණු කියලා දීලා, මේ ප්‍රතිසංස්කරණවලට හැමෝම අනුගත කරගන්නයි අපිට ඕනේ. මේ පොඩි පොඩි සිල්ලර කල්ලිවලට කැමති විදිහට මේවා වෙනස් කරන්න බැරි වෙන්න අපි හොඳ ‘කොන්ක්‍රීට්’ එකක් වගේ ශක්තිමත් පදනමක් මේ අධ්‍යාපන ක්‍රමයට දානවා”
නූතන අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන අරමුණ දරුවන් තුළ විචාරශීලී චින්තනය, සංවාදශීලී බව සහ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීම බවත්, මිථ්‍යාවන්ට හසු නොවන බුද්ධිමත් පරපුරක් නිර්මාණය කිරීමට නම් මෙම විද්‍යාත්මක ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
– news 19




