ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 14ක තියුණු ජයක් – තරගාවලිය 1 – 1ක් ලෙස සම වෙයි

0
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 14ක තියුණු ජයක් – තරගාවලිය 1 – 1ක් ලෙස සම වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 14ක තියුණු ජයක් – තරගාවලිය 1 – 1ක් ලෙස සම වෙයි

තරග 03කින් සමන්විත වූ ශ්‍රී ලංකා – පාකිස්ථාන පන්දුවාර 20 තරගාවලිය 1 – 1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඒ ඊයේ (11) පැවති අවසන් තරගය ශ්‍රී ලංකාව ලකුණු 14කින් ජය ගැනීමත් සමඟයි.

වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගය රාත්‍රී 9.20ට ආරම්භ වූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 12කට සීමාකර පැවැත්වුණා.

එහිදී පළමුවෙන් පන්දුවර පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 12 අවසානයේ ලකුණු 160ක් රැස් කරගත් අතර, පාකිස්ථානයට පන්දුවාර 12 අවසානයේ රැස් කරගත හැකි වුණේ ලකුණු 146ක් පමණයි.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 09කදී ලකුණු 34ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com