වසර 21කට පසු Lanka Ride පාපැදි සවාරිය නැවතත්

0
Lanka Ride පාපැදි සවාරිය

Lanka Ride පාපැදි සවාරිය

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනය එක්ව සංවිධානය කරන “Lanka Ride 2026” දීපව්‍යාප්ත පාපැදි සවාරිය ජනවාරි 16 පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

වසර 21ක දීර්ඝ කාලයකින් පසු මෙම දැවැන්ත පාපැදි තරඟාවලිය නැවත ආරම්භ කිරීම මෙහි ඇති විශේෂත්වයයි.

පළමු දිනය (ජනවාරි 16) පෙරවරු 9.00ට කොළඹ ලේක්හවුස් ආයතනය අසලින් ආරම්භ වී, පෑලියගොඩ දක්වා ‘සංකේතාත්මක ගමනක්’ (Free Ride) ලෙස පැමිණෙන අතර, නිල තරඟය පෑලියගොඩින් ආරම්භ වීමට නියමිතයි.

කිලෝමීටර් 105ක දුරක් ගෙවා එදින පස්වරු 12.30ට පමණ මහනුවර ගන්නෝරුවෙන් පළමු අදියර නිමවන බව සඳහන් කරනවා.

එමෙන්ම තරඟයේ දෙවන දිනය, මහනුවර සිට අනුරාධපුරය දක්වා වන අතර, කිලෝමීටර් 135.5ක දුරක් තරඟය පැවැත්වීමට නියමිතයි.

තරඟයේ තෙවන දිනය හෙවත් අවසන් දිනය අනුරාධපුරයේ සිට පුත්තලම පාර හරහා කොළඹ දක්වා කිලෝමීටර් 208ක දුරක් ගෙවා පැමිණෙන අතර, තරඟය කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අසලින් නිමාවට පත්වෙනවා.

තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 18 වෙනිදා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com