ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යූරෝ මිලියන 8ක ප්‍රධාන ගිවිසුමක්
ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යූරෝ මිලියන 8ක ප්‍රධාන ගිවිසුමක්
ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 8ක ප්‍රධාන ගිවිසුමක් අත්සන් කෙරුණා. ඒ තිරසාර කෘෂිකර්ම පිළිවෙත් තුළින් හරිත ආර්ථික වර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහායි.
කෘෂි හරිත මුලපිරීම, තිරසාර කෘෂික්ම පිළිවෙත් තුළින් හරිත ආර්ථික වර්ධනය සිදු කිරීම අරමුණු කරගත් නව ව්‍යාපෘතියත් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය සමග ප්‍රධාන ගිවිසුමක් අත්සන් කළා.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය සහ යුරෝපා සංගමය ඒකාබද්ධවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.
අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ යුරෝපා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී ආචාර්ය ජොහාන් එච්.හීස් මහතා අත්සන් තබා තිබේ.




