පාසල් නිවාඩුවේ වෙනසක්

0
පාසල් නිවාඩුවේ වෙනසක්

පාසල් නිවාඩුවේ වෙනසක්

රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද (23) සිට 2026 වසරේ ජනවාරි මස 4 වන දින දක්වා පාසල් නිවාඩු ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කර ඇත්තේ, 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලු ම පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ අනුව 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය 2025.12.09 නිකුත් කළ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වේ.

මීට අමතරව, 2026 වර්ෂයේ දෙවන හා තෙවන වාරයන් 2025.09.11 දිනැති අංක 30/2025 දරන පාසල් වාර සටහන – 2026 චක්‍රලේඛය පරිදිම ක්‍රියාත්මක වන අතර, විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත පාසල් විභාග පැවැත්වෙන දිනයන්හි වෙනසක් සිදුනොවන බව වැඩිදුරටත් මෙයින් දන්වමු.

ඒ අනුව සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය අද (23) දිනද, මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දිනද අවසන් කිරීමට නියමිතයි.

මුස්ලිම් පාසල් සඳහා 2025.12.27 දින සිට 2026.01.04 දින දක්වාද පාසල් නිවාඩු ලබා දී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com