උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

0
උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට දැනුම්දීමක්

පැවතුණු ආපදා තත්ත්වය හමුවේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ කල් දැමූ විෂයන් සඳහා පෙනී සිටින සිසුන්ගේ පදිංචි ස්ථාන වෙනස් වී ඇත්නම්, ඒ පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ අදාළ තොරතුරු තම පාසලේ විදුහල්පතිවරයා වෙත හෝ කෙලින්ම විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය හැකි බවයි.

ඒ අනුව 0112- 784537 සහ 0112-788616 යන අංක අමතා ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකියි.

එමෙන්ම, ආපදා තත්ත්වයන් හේතුවෙන් යම් අපේක්ෂකයෙකුගේ විභාග ප්‍රවේශ පත්‍රය හෝ ජාතික හැඳුනුම්පත විනාශ වී හෝ අස්ථානගත වී ඇත්නම් ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙස ද කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com