බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමකින් ගංජා කිලෝ 111ක් සහ ගංජා පැළ 3159ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට

0
ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් ගංජා නිෂ්පාදනය කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට රැගෙන යාමට සූදානම් වන බවට වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව එම බලකායේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, කේ.ඒ. උදය කුමාර මහතා විසින් සකස් කරන ලද සැලසුමකට අනුව එම බලකායේ පො.සැ. 75056 ඉන්දික සහ පො.කො. 104547 කුරු කුලසූරිය යන බුද්ධි නිලධාරීන් රහසිගතව එම ප්‍රදේශයට ඇතුළු වී සිදු කරන ලද ආවේක්ෂණ රාජකාරියෙන් අනාවරණය කර ගත් තොරතුරු මත උ.පො.ප. චතුරංග ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා 2025.12.21 වන දින සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී ගංජා කිලෝ 111ක් සහ ගංජා පැළ 3159ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන කොස්ලන්ද පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

මෙහිදී උණකන්ද බොයිටරය පිටුපස කන්දේ ගංජා කිලෝ ග්‍රෑම් 103 ග්‍රෑම් 500ක් ලඟ තබා ගෙන සිටි 43 හැවිරිදි මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු විසින් මෙම ගංජා තොගය දිවයිනේ විවිධ ප්‍රදේශ වලට බෙදා හැරීමට සුදානම් කර තිබියදී අත්අඩංගුවට ගැනීමට සුදානම් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *