ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ඉහළ අගයට

0
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ඉහළ අගයට

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ඉහළ අගයට

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,414ක වාර්තාගත අගයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙය සටහන් වන්නේ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය ලෙසයි.

ඒ මීට පෙර ඔක්තෝබර් මාසයේ පැවති ඩොලර් 4,381.52 සීමාව ඉක්මවා යමින්.

අමෙරිකානු ෆෙඩරල් බැංකුව පොලී අනුපාත තවදුරටත් අඩු කරනු ඇතැයි පවතින විශ්වාසය සහ අමෙරිකානු ඩොලරය සාපේක්ෂව දුර්වල වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි වාර්තා වන්නේ.

පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාව සහ ආර්ථික අවිනිශ්චිතතාව හමුවේ ලොව පුරා ආයෝජකයින් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රත්‍රං මිලදී ගැනීමට පෙළඹීම මෙම මිල ඉහළ යාමට තවත් හේතුවක් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com