ආපදාවට පත් පිරිසෙන් 69.56%කට 25,000ක දීමනාව බෙදා හැර අවසන්

0
ආපදාවට පත් පිරිසෙන් 69.56%කට 25,000ක දීමනාව බෙදා හැර අවසන්

ආපදාවට පත් පිරිසෙන් 69.56%කට 25,000ක දීමනාව බෙදා හැර අවසන්

දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මෙන්ම නිවාස යථාවත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%ක ප්‍රමාණයකට බෙදා හැර අවසන් බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසනවා.

ගෙවීමට ඇති සුදුසු නිවාස සංඛයාව අතුරින් ආපදාවට පත්වූ නිවාස 642,375 න් 469,457ක් ලෙස ගණනය වී ඇති බවත්, මේ වන විට එම නිවාස අතුරින් නිවාස 299,513කට මේ වන විටත් ගෙවා අවසන් කළ බවයි ඒ මහතා පවසන්නේ.

කඩිනම් සහන සඳහා රජය විසින් රුපියල් මිලිය 4,197ක් වියදම් කර ඇති බවත්, මේ වන විට දේශීය සහ විදේශීය වශයෙන් විශාල ආධාර ප්‍රමාණයක් ලැබෙමින් පවතින අතර, දේශීය ආධාර සෘජුවම ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සම්බන්ධීකරණය ඇතුව බෙදා හරින බවත් පැවසූ ඒ මහතා විදේශීය ආධාර නිෂ්කාශනයෙන් පසු ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ඔරුගොඩවත්ත ගබඩාවේ සිට අවශ්‍යතාවට අනුව දිස්ත්‍රික් ලේකම්වරු හරහා අදාළ දිස්ත්‍රික්කය තුළ සිටින ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත බෙදා දීමට පියවර ගෙන ඇති බවයි සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com