2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය 300,191ක්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්
2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර,අද (19) වන විට එම ප්‍රමාණය 300,191ක් ලෙස වාර්තා වී ඇත.
පසුගිය වසර 10ක කාලයකදී ශ්‍රමිකයින් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය තෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2024 වර්ෂයේදී ශ්‍රමිකයින් 314,673ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
2025 වර්ෂය තුළදී පිරිමි ශ්‍රමිකයින් 184,085 හා කාන්තාවන් 116,106ක් රැකියා සඳහා විදේශ ගතවී ඇත.
මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 194,982ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 105,209 දෙනෙකු විදේශ ගතවී තිබේ.
ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 75,200කි.
දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 57,037ක් ලෙස වාර්තා වේ.
කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව පෙනි යන වැදගත් කරුණක් වනුයේ පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය, රුමේනියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරිමය.
ඒ අනුව 2025 වර්ෂය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 6,272 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 12,728 දෙනෙකුද, රුමේනියාවේ රැකියා සඳහා 12,180 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 10,717 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
2025 වර්ෂයේ ගතවූ මාස 11 කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් බිලියන 7.19ක මුදලක් මෙරටට හිමිවී ඇති අතර, 2025 නොවැම්බර් මාසය තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 673.4ක මුදලක් මෙරටට ලැබී තිබේ.




