පාලන මිල නොතැකූ වෙළෙඳසැල් 2කට රු. ලක්ෂ 2ක දඩයක්
මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩයක්
පාලන මිල ඉක්මවා දේශීය ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකකට රුපියල් ලක්ෂ 2ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබේ.
ලද පැමිණිල්ලක් මත අදාළ වෙළෙඳසැල් වටලා එහි හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට පියවර ගැනුණි.
එහිදී අදාළ වෙළෙඳසැල් හිමිකරුවන් දෙදෙනා සිදුකළ වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 02ක දඩ මුදලක් නියම කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.




