වන අලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

0
වන අලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

වන අලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ව මේ මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණදුන් වනඅලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී සැකකරුවන් තිදෙනෙකු මිහින්තලය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු මරණයට හේතු වී ඇති බවටයි නියගමනය කර තිබෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com