යුරෝ ලක්ෂ 5ක් වටිනා ආධාර ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් රාජ්‍යයේන් කටුනායක ගුවන් තොටුපළට
ආපදාවෙන් විපතට පත්වූවන් සඳහා ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් රාජ්‍යයෙනුත් මෙරටට ආධාර
ආපදාවෙන් විපතට පත්වූ ජනතාව සඳහා ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් රාජ්‍යයේ ආධාර තොගයක් රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයෙ(17) අළුයම කටුනායක ගුවන් තොටුපළට ළඟා විය.
යුරෝ ලක්ෂ 5ක් වටිනා එම ආධාර තොගයේ බර කිලෝග්‍රෑම් 69,000ක් වේ.
ආධාර තොගයට කූඩාරම්, මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට, ජලය පිරිසිදු කිරීමේ උපකරණද ඇතුළත් බව වැඩිදුරටත් සඳහන් වේ.
ආධාර තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් සහ යුරෝපා සංගමයේ නිලධාරීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියේය.






