ජනාධිපති ලේකම් කාර්යාලය වාහන 29ක් අස්ථානගත වීම පිළිබඳ නඩුවට නියෝගයක්

0
ජනාධිපති ලේකම් කාර්යාලය වාහන 29ක් අස්ථානගත වීම පිළිබඳ නඩුවට නියෝගයක්

ජනාධිපති ලේකම් කාර්යාලය වාහන 29ක් අස්ථානගත වීම පිළිබඳ නඩුවට නියෝගයක්

සුගිය කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන 29ක් අස්ථානගත වීම පිළිබඳ නඩුව විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලේය.

එම වාර්තාව ඉදිරිපත් කරන තෙක් නඩුව බහා තබන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය.

එම වාහන 29න් වහන 7ක් පසුගිය වසරවල පැවති වෙන්දේසිවලදී විකුණා ඇති බව අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන කර අපරාධ වරදක් අනාවරණය වන්නේ නම් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ.

ජනාධිපති ලේකම්වරයා පොලිසිපතිවරයාට යොමුකළ ලිඛිත පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com