පැතුම් නිස්සංක ඉන්දීය රු. කෝටි 4කට අලෙවි වෙයි
ICC නව T20 ශ්‍රේණිගත කිරීම් අනුව පැතුම් ඉදිරියට
IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වූ පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් කණ්ඩාමව විසින් මිලදී ගැනු ලැබුවේය.
අබුඩාබි හිදී මේ වනවිට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී පැතුම් නිස්සංකව මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 04කටය.
මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසියකදී ශ්‍රී ලංකික ක්‍රීඩකයකුට හිමි වූ ඉහළම වටිනාකම මතීෂ පතිරණට හිමිවිය.
ඒ ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලකට කොල්කට් නයිට්රයිඩර්ස් කණ්ඩායම විසින් මතීෂ පතිරණ මිලදී ගනු ලැබීය.
එමෙන්ම දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 2කට මිලදී ගනු ලැබූවේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින්ය.
මීට අමතරව එම වෙන්දේසියේදී මේ වනවිට වැඩිම වටිනාකමක් හිමිව ඇත්තේ, ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් හටය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දියානු රුපියල් කෝටි 25යි දශම දෙකකට ඔහු මිල දී ගෙන තිබුණි.




