ආපදාවෙන් ගමනාගමනයට බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ වන විට ගමනා ගමනයට විවෘතයි
ආපදාවෙන් ගමනාගමනයට බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ වන විට ගමනා ගමනයට විවෘතයි
ආපදා තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගමනාගමනයට බාධාවූ මාර්ග 256න් මාර්ග 252ක් මේ වන විට ගමනාගමනයට විවෘත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආපදා තත්ත්වයෙන් පසු ප්‍රවාහන හා මහාමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග වලින් ඉතා විශාල ප්‍රමාණයක් ආපදාවෙන් හානියට පත්වූ බවද එනම් මාර්ග 256ක් ස්ථාන 298ක් සම්පූර්ණ ගමනාගමනයට බාධා ඇතිවූ බවද අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පැවසුවේය.
එම මාර්ග ජලයෙන් යටවීමෙන්, පස්කදු කඩාගෙන වැටීමෙන්, ගල් පෙරලීමෙන්, ගස් වැටීමෙන් ආදී ක්‍රම මගින් අවහිර වූ බව සිහිපත් කළ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පාලම් 40ක් පමණ හානියට පත්වූ බවද සදහන් කළේය.
මෙම ව්‍යසනය වුණු අවස්ථාවේදී මහනුවර, නුවරඑළිය, බදුල්ල, අනුරාධපුරය, පුත්තලම වැනි සමහර නගර වලට යාමට කිසිදු මාර්ගයක් නොතිබූ බව ද එම නගර සදහා භාවිතා කරන සියලු මාර්ග අවහිර වී පැවති බවද සිහිපත් කළ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මාර්ග යළි යථා තත්ත්වයට පත්කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ඉතාම ක්ෂණයකින් ක්‍රියාත්මක වී කටයුතු කළ බවද අවධාරණය කළේය.
මෙම ස්ථාන 298න් මාර්ග 252ක් මේ වන විට විවෘත කරගැනීමට හැකි වීම සම්බන්ධව දිවා රාත්‍රී නොබලා වැඩ කටයුතු කළ මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවාගේ සිට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දක්වා සියලු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වන බවද පැවසුවේය.
ගමනාගමනය සදහා විවෘත කිරීමට අපේක්ෂිත ඉතිරි කොටස් කිහිපය තව දින තුනකින් පමණ සම්පූර්ණයෙන්ම ගමනාගමනය සදහා විවෘත කිරීමට මේ වන විට පැය 24 පුරාම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් රාජකාරී කරමින් කටයුතු කරමින් සිටින බවද අවධාරණය කළේය.




