වසර 24කට පසු හිටපු යුද හමුදා කපිතාන්වරයෙක් නිදොස් කොට නිදහස්

0
වසර 24කට පසු හිටපු යුද හමුදා කපිතාන්වරයෙක් නිදොස් කොට නිදහස්

වසර 24කට පසු හිටපු යුද හමුදා කපිතාන්වරයෙක් නිදොස් කොට නිදහස්

2001 වසරේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ හලකට කඩා වැදී රම්බෝ පිහියක් හා ගිනි අවියක් පෙන්වා රුපියල් 20,000/- ක වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු යුද හමුදා කපිතාන්වරයකු සහ ඔහුගේ පෞද්ගලික රියැදුරා වසර විසි හතරකින් පසුව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය විනිසුරුවරිය නියම කළා.

දීර්ඝ විභාගයකින් අනතුර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

ඒ අනුව හිටපු යුද හමුදා කපිතාන්වරයෙකු වන උදයශාන්ත කොඩිතුවක්කු දිසානායක සහ ඔහුගේ පුද්ගලික රියැදුරු වන ඉලංග ශිරාන් යන අය මෙලෙස නිදහස් කිරීමට නියම කෙරුණා.

තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි සඳහන් කළා.

විත්තිකරුවන්ට එරෙහිව ජංගම දුරකථනයක් කොල්ල කෑ බවට චෝදනා ඉදිරිපත් කර තිබුණද ජංගම දුරකතයක් පිළිබඳව කිසිඳු සාක්කිකරුවකුගෙන් සාක්ෂි අනාවරණය වී නොමැති බවත් පැමිණිල්ලේ සාක්කිකරුවන්ගේ සාක්ෂි එකිනෙකට පරස්පර බවත් විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

ඒ අනුව සාධාරණ සැකයෙන් චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරිය සිය තීන්දුව තුළින් සඳහන් කළා.

මෙම සිද්ධියට සම්බන්ධ ගිනි අවිය වායු රයිෆලයක් බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තා කර තිබියදී නීතිපතිවරයා විසින් ගිනි අවි පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.

2001 වසරේ අප්‍රේල් මස 12 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකට කඩා වැදී රම්බෝ පිහියක් සහ ගිනි අවියක් පෙන්වා එහි සිටි සෙල්වරාජා සිවකුමාර් නමැත්තකුගේ රුපියල් 20,000 ක් පමණ වටිනා ජංගම දුරකථනයක් කොල්ලකෑම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

2023 වසරේ මෙම විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ ගිනි අවි චෝදනාව ඉවත් කරගනු ලැබු අතර ඉන් පසුව සංශෝධිත චෝදනා පත්‍රයක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය පැවැත්වුණා.

ඉන්පසුව පැවැත්වුණු නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com