බොරු ප්‍රචාරයක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
බොරු ප්‍රචාරයක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
රණවිරු දෙමාපියන්ට ලබා දෙන මා පිය රැකවරණ දීමනාව අත්හිටුවා ඇතැයි ප්‍රචාරය වන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය එම නිවේදනය මගින් සඳහන් කළේ, මෙම දීමනාව අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය තොරතුරක් බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කළා.
මෙම දීමනාව යටතේ සුදුසුකම්ලත් දෙමාපියන්ට, එක් අයෙකුට රු. 750.00 බැගින් වූ මාසික දීමනාවක් ලබා දීමට කටයුතු කෙරෙන බවත් රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශයේ මැදිහත්වීමෙන් දීමනාව අඛණ්ඩව සිදුකරනු ලබන බවත් නිවේදනය මගින් දැනුම්දී තිබේ.




