2025 සැප්තැම්බර් මාසයට අදාළව මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය මුදල

0
2025 සැප්තැම්බර් මාසයට අදාළව මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය මුදල

2025 සැප්තැම්බර් මාසයට අදාළව මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය මුදල

2025 සැප්තැම්බර් මාසයට අදාළව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබෙනවා.

මෙම සටහනට අනුව මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු. 16,413 කි.

ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති ඉහත අගයය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වනු ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින පුද්ගලයෙකු හට දරිද්‍රතා මට්ටමට වඩා ඉහළින් සිටීමට නම්, 2025 සැප්තැම්බර් මාසය වන විට රු. 17,702ක් අවශ්‍ය වේ.

එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුවන දිස්ත්‍රික්කයයි.

එම සටහනට අනුව අවම අගය සටහන් වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කය ඉදිරියෙන් වන අතර එය රු. 15,694ක්

ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය මාසයට සාපේක්ෂව 2025 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මෙම නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුවී ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com