බැංකු කාඩ්පතින් බස් ටිකට් මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රියාත්මකයි
බැංකු කාඩ්පතින් බස් ටිකට් මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රියාත්මකයි
බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද දින (24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතය.
ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙහෙයවන මෙම වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් ව තිබූ බවත් එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස් ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවය.
එමෙන්ම බස් රථයේ මගී ප්‍රවේශපත්‍රයෙන් වංචා දූෂණ රැසක් සිදුවන බවත් මේ හේතුව මත බස් රථයේ ප්‍රවේශපත්‍ර බැංකු කාඩ් මගින් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙස විශාල ඉල්ලීමක්ද ලැබුණු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.




