පහළ කඩුගන්නාව ප්‍රදේශ මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබෙනවා; නායයෑමෙන් මියගිය ගණන 6 දක්වා ඉහළට
පහළ කඩුගන්නාව ප්‍රදේශ මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබෙනවා; නායයෑමෙන් මියගිය ගණන 6 දක්වා ඉහළට
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ දී පස් සමග විශාල ගල් නිවසක් හා වෙළඳසැලක් මතට පෙරළීමෙන් එහි සිටි 06ක් ජිවිතක්ෂයට පත් වි තිබේ.
තාවකාලිකව වසා දැමු මෙම මාර්ගය මේ වන විට සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ. කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගය වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.
ප්‍රදේශය හා මාර්ගය යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු සිදු වෙමින් පවති.
අධික වර්ෂාව මෙම කටයුතුවලට බාධාවක් වී තිබේ.
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය ගණේතැන්න ප්‍රදේශයෙන් අද (23) පස්වරුව දක්වාම වසා තැබෙන බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම්.හේරත් මහතා කියා සිටින්නේ.
මහනුවර ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග පහල කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ පිහිටා තිබු නිවසක් සහ වෙළදසැලක් මතට පස් සහ විශාල ගල් පෙරලී ඇත්තේ ඊයේ (22) උදෑසන 8.45ට පමණයි.
සුන්බුන් අතර සිරවී සිටි 4 දෙනෙකු මුදා ගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුලත් කර තිබේ.
තවදුරටත් එම ප්‍රදේශයේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන බවයි ආරක්ෂක අංශ පැවසුවේ.
මේ අතර අදාල ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් නායයෑම සිදුවු ස්ථානය නැරඹීම සදහා පැමිණීමෙන් වළකින ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා අවට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.




