රු 50000ක අල්ලසක් ගත් පුද්ගලික අංශයේ ආරක්ෂකවරයෙකු අත්අඩංගුවට
ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් රිය සහයක රැකියා ලබා දෙන බව පවසා අල්ලස් මුදලක් ලෙස රු 50000ක මුදලක් ලබා ගත් පුද්ගලික අංශයේ ආරක්ෂකවරයෙකු ඊයේ (20) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු අවස්ථා දෙකකදී රු 40000ක් සහ රු 10000ක් බැංකු මගින් ලබා ගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කළේ.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේදීයි.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




