ගාසා තීරය සඳහා ට්‍රම්ප්ගේ සැලැස්මට ජගත් ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය

0
ගාසා තීරය සඳහා ට්‍රම්ප්ගේ සැලැස්මට ජගත් ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය

ගාසා තීරය සඳහා ට්‍රම්ප්ගේ සැලැස්මට ජගත් ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය

ගාසා තීරය සදහා වන ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සැලැස්මට ජගත් ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ගාසා තීරය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කරුණු 20කින් සමන්විත සැලැස්මට ජගත් ආරක්ෂක කවුන්සිලයට සඳුදා දින (17) ඉදිරිපත් කෙරුණා.

ජාත්‍යන්තර ස්ථායිකරණ බලකායක් ගාසා තීරය තුළ පිහිටුවීම ඇතුළු කරුණු 20කින් ඊට ඇතුළත්. එය වැඩි ඡන්දයෙන් සම්මත කිරීමටයි කටයුතු කෙරුණේ.

බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා සෝමාලියාව ඇතුළු රටවල් 13ක් සැළැස්මට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

ඊට විරෝධය පළ කරමින් කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවූ අතර රුසියාව හා චීනය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවත්නා සටන් විරාමය ශක්තිමත් කිරීම සඳහා ට්‍රම්ප්ගේ සැළැස්ම ක්‍රියාත්මක කිරීම අතිශය ප්‍රබල සාධකයක් වන බවයි ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මෙහිදී සඳහන් කළේ.

කෙසේ වුවද ට්‍රම්ප්ගේ සැළැස්ම පලස්තීන ජාතිකයින්ගේ අයිතීන් හා ඉල්ලීම් නොසලකා සකස් කර ඇති බැවින් තමන් එය ප්‍රතික්ෂේප කරන බවයි හමාස් සංවිධානය සඳහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com