කොංගෝ රාජ්‍යය සහ කැරළිකරුවන් අතර සාමය සඳහා විශේෂ වැඩපිළිවෙලකට අත්සන්

0
කොංගෝ රාජ්‍යය සහ කැරළිකරුවන් අතර සාමය සඳහා විශේෂ වැඩපිළිවෙලකට අත්සන්

කොංගෝ රාජ්‍යය සහ කැරළිකරුවන් අතර සාමය සඳහා විශේෂ වැඩපිළිවෙලකට අත්සන්

කොංගෝ රාජ්‍යය හා කැරළිකරුවන් අතර සාමය සඳහා වන විශේෂ වැඩපිළිවෙලකට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් කොංගෝ රාජ්‍ය හා රුවන්ඩාවේ සහාය ලබන කැරළිකරුවන් අතර මෙම විශේෂ වැඩපිළිවෙළට අත්සන් තැබුණා.

දශක ගණනාවක් තිස්සේ දෙපාර්ශ්වය අතර පවත්නා ගැටුම් අවසන් කිරීම සඳහා ඇමෙරිකාව හා අප්‍රිකා සංගමය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මකයි.

පසුගිය ජනවාරි මාසයේ දී දෙපාර්ශ්වය අතර ගැටුම් අත්හිටුවීම සඳහා එකඟතාවයකට පැමිණිය ද ගැටුම් හේතුවෙන් එය බිඳවැටුණා.

එම කාලය තුළදී දෙපාර්ශ්වය අතර සිරකරුවන් හුවමාරුකර ගැනීම හා සටන් විරාම නිරීක්ෂණ කටයුතු නිසියාකාරව සිදු නොවූ බවටයි චෝදනා එල්ලවන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com