පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 693 දෙනෙකු අත්අඩංගුවට

0
පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක්

පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක්

දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඉකුත් සඳුදා (10) දිනයේ දී සැකකරුවන් 693 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.

ඉකුත් සඳුදා (10) දිනයේ දී පමණක් පුද්ගලයන් 31,594 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.
ඒ අතුරින් සැකපිට 693 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 31කි.

වරෙන්තුකරුවන් 288ක් මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 178 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරයි.
බීමත් රියදුරන් 22 දෙනෙකු හා අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4320 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *