නව­දිල්ලි නුවර වායු දූෂ­ණ­යට එරෙ­හිව ජන­තාව වීදි බසී

0
නව­දිල්ලි නුවර වායු දූෂ­ණ­යට එරෙ­හිව ජන­තාව වීදි බසී

නව­දිල්ලි නුවර වායු දූෂ­ණ­යට එරෙ­හිව ජන­තාව වීදි බසී

ඉන්දි­යාවේ නව­දිල්ලි අග­නු­වර වායු දූෂ­ණ­යට එරෙ­හිව දහස් සංඛ්‍යාත ජන­තාව වීදි බැස විරෝ­ධ­තා­වක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අග­නු­වර ඇතුළු තදා­සන්න ප්‍රදේ­ශ­වල ජන­තාව එම විරෝ­ධ­තා­වට එක්වී සිටි බවත්, වායු දූෂ­ණ­යට එරෙ­හිව කඩි­නම් පිය­වර ගන්නා ලෙස රජ­යට බල කර­මින් විරෝ­ධ­තාව පැවති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. විරෝ­ධ­තාව අත­ර­තුර දිල්ලි නුවර ඓති­හා­සික ‘ඉන්ඩියා ගේට්‘ යුද ස්මාර­කය අසළ එක්රො­ක්වීම හේතු­වෙන් විරෝ­ධ­තා­ක­රු­වන් 80කට අධික පිරි­සක් පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බවද වාර්තා වේ.

පසු­ගිය සති කිහි­පය ඇතු­ළත නව­දිල්ලි නුවර වායු දූෂ­ණය වාර්තා­ගත අයු­රින් ඉහළ ගිය බවත්, එය ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය විසින් නිර්දේශ කරනු ලැබූ සීමා­වට වඩා 30%කින් ඉහළ යෑමක් බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com