ඉන්දියාවේ අම්රිතා රෝහලේ හදවත් සැත්කම් සඳහා දරුවන් 50කට අවස්ථාව

0
ඉන්දියාවේ අම්රිතා රෝහලේ හදවත් සැත්කම් සඳහා දරුවන් 50කට අවස්ථාව

ඉන්දියාවේ අම්රිතා රෝහලේ හදවත් සැත්කම් සඳහා දරුවන් 50කට අවස්ථාව

මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහල (Amrita Hospital) තුළදී හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඉකුත් සඳුදා (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ බටහිර කොළඹ රෝටරි සමාජය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ බටහිර කොළඹ රොටරි සමාජයේ සභාපති කේ.පී නාගරාජා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

බටහිර කොළඹ රෝටරි සමාජය සහ බටහිර කොචි රොටරි සමාජය එක්ව ගෝලීය ව්‍යාපෘතිය (Rotary Global Project) හරහා මේ සඳහා අරමුදල් සපයනු ලබයි.

දහසකට අධික හදවත් රෝගී දරුවන් පිරිසක් සැත්කම් සඳහා මෙරට පොරොත්තු ලේඛනවල සිටින අතර, හදවත් සැත්කම් සිදු කිරීමේ පහසුකම් මෙරට පැවැතියද හදිසි හදවත් සැත්කම් ඇතුළු පොරොත්තු ලේඛන අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් අතරින් ප්‍රමුඛතාව මත හදවත් සැත්කම් සිදු කිරීමට යොමු කරනු ලබන රෝගීන් රෝග නිර්ණායක මත තෝරා ගැනීම කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබයි.

මෙහි පළමු අදියර යටතේ මීට වසර 02කට ඉහත දී මෙරට හදවත් රෝගී දරුවන් 60 දෙනෙකු සඳහා සාර්ථකව සැත්කම් සිදුකර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර එම සාර්ථකත්වය අනුව දෙවන පියවර ක්‍රියාත්මක කිරීමට මේ අනුව කටයුතු ‌යොදා ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙරට වෛද්‍යවරු සහ හෙදියන්ද පුහුණුව සඳහා ඉන්දියාවේ කොචි හි අම්රිතා රෝහල වෙත යොමු කෙරෙන අතර අම්රිතා රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය ඇතුළු කාර්ය මණ්ඩලයක් මෙරටට පැමිණ ගර්භාෂයේ සිටිය දී හදවත් රෝගී දරුවන් හදුනා ගැනීම සඳහා වූ පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කරනු ලැබීමද විශේෂත්වයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com