විදේශ ප්‍රේෂණ ඩො.බි 6 ඉක්මවයි
විදේශ ප්‍රේෂණ ඩො.බි 6 ඉක්මවයි
2025 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ ඔක්තෝබර් මාසයේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 712ක විදෙස් ප්‍රේෂණ ලැබී ඇති බවයි.
2025 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා සමස්ත විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඇමෙරිකා ඩොලර් බිලියන 6.52ක් ලෙස වාර්තා වුණා.
එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 20.1ක වැඩිවීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.
මෙතෙක් වැඩිම විගමනික ප්‍රේෂණ ලැබී ඇත්තේ 2016 වසරේදීයි.
මෙම වසරේ දී විදෙස් ප්‍රේෂණ ලැබීම් එම ප්‍රතිශතද ඉක්මවා යනු ඇති බවටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.
මෙම වසරේ පළමු මාස 9 තුළ සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බවද එම මහ බැංකු නිල සංඛ්‍යා ලේඛනවල සඳහන්.
2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුලු සංචාරක ඉලපැයීම් ඇමෙරිකා ඩොලර් බිලියන 2.47ක් ලෙස වාර්තා වුණා.
එය 2024 වසරේ පළමු මාස 9 තුළ වාර්තා වූ ඇමෙරිකා ඩොලර් බිලියන 2.34ක සංචාරක ඉපැයීම් සමග සසදනවිට සියයට 5.3ක වැඩිවීමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ.




