අසභ්‍ය වීඩියෝ අන්තර්ජාලයට දැමූ යුවළක් අත්අඩංගුවට

0
ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවි සඳහා අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදීයි.

මෙම යුවළ වයස අවුරුදු 37 හා 36 හැවිරිදි වියේ පසුවන අතර සැමියා පරිඝණක ඉංජිනේරුවරයෙක් හා බිරිඳ මනෝ විද්‍යා උපදේශකවරියක් බව සඳහන් වේ.

ඔවුන් විසින් අදාළ වෙබ් අඩවියට වීඩියෝපට 334ක් උඩුගත කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමා සපුගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *