අපරාධ බහුලව වන පොලිස් කොට්ඨාස 7ක් – මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති
අපරාධ බහුලව වන පොලිස් කොට්ඨාස 7ක් - මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති
සංවිධානාත්මක අපරාධ කල්ලි සහ සමූහ ප්රචණ්ඩ ක්‍රියා බහුල වශයෙන් සිදුවන පොලිස් කොට්ඨාස හතක් හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවා.
අමාත්‍යවරයා ඊයේ දිනයේදි (08) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ රජීවන්. ජෙයචන්දමූර්ති මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
බස්නාහිර පළාත තුළ සහ දකුණු පළාත තුළ මෙම පොලිස් කොට්ඨාස පිහිටා තිබේ.
කොළඹ උතුර, නුගේගොඩ, ගම්පහ බස්නාහිර පළාත තුළ එම පොලිස් කොට්ඨාස වශයෙනුත් දකුණු පළාතේ එම පොලිස් කොට්ඨාශ වශයෙන් ඇල්පිටිය, තංගල්ල, ගාල්ල ,මාතර නම් කළ හැකි බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බුද්ධි නිලධාරින් සහ ඔත්තුකරුවන් මාර්ගයෙන් ද මෙම අපරාධකරුවන් ගැන තොරතුරු ලබා ගනිමින් සිටින බවයි.
මෙම අපරාධකරුවන් මැඬලීමට සහ සෝදිසි කිරීම් දිගටම සිදු කරගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
පාතාල කල්ලි සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිගින් දිගටම මෙහෙයුම් සිදු කෙරෙන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.
තවද මෙම ප්‍රදේශවලට වැඩිපුර පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර පොලිස් මුර සංචාර තරකර අපරාධකරුවන් පලා යෑමේදී අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ යතුරුපැදි කණ්ඩායම්ද යොදවා ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මීට අමතරව පාතාල අපරාධකරුවන් මැඬලීම සඳහා ලෙස පරීක්ෂා කිරීම් ඇතුළු අහඹු ලෙස සෝදිසි මෙහෙයුම් දිගටම සිදුකෙරෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.
ඒ වගේම පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීති විරෝධීව උපයා ගත් දේපළ ගැනද තොරතුරු සොයා යන බවත් එම දේපළ වලටද එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ආනන්ද විජේපාල අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මීට අමතරව යාපනය ප්‍රදේශයේ මෑත කාලයේදී පාතාල කල්ලි හිස ඔසවා ඇති බව රජීවන්. ජෙයචන්දමූර්ති මහතා කළ විමසිමේදි එයට ප්‍රතිචාර දැක්වූ ආනන්ද විජේපාල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යාපනය ප්‍රදේශයේ එම අපරාධ කල්හි මැඩලීමටද දැඩි ලෙස අවධානය යොමු කර අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින බවයි.




