ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට
ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට
ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ඊයේඑෂ් (04) අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ධීවර සංස්ථාවේ හිටපු සභාපති කළුවඩන වලව්වේ ලලිත් දවුලගල, කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු වූ රත්නවීර පටබැඳිගේ වන්දන ක්‍රිෂාන්ත, සැපයුම් කළමණාකරුවෙකු වූ කුරුන්දුව හේවගේ විජිත් පුෂ්ප කුමාර, මෙහෙයුම් කළමණාකරුවෙකු (වැඩබලන මුදල් කළමණාකරු) වූ ජයසුන්දර මුදියන්සේලාගේ අනුර චන්ද්‍රසේන බංඩාර යන අය මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
2020 වර්ෂයේ දී, ලංකා ධීවර සංස්ථාව වෙත, මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, පැයකට මාළු කිලෝ 2000 ක් වැකුම් කර ඇසුරුම් කළ හැකි කරම් ඉහළ ධාරිතාවයකින් යුතු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් එම ආයතනයට මිළදී ගැනීමෙන් රජයට රු. 5,856,116.00 පාඩුවක් සිදුකර දුෂණයක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එසේම, ඉහත ක්‍රියාවලියටම අදාළව සැපයුම් කළමණාකරු වශයෙන් කටයුතු කරමින් එකී මිළදී ගැනීම වෙනුවෙන් සැපයුම්කාර සමාගම වන යුරෝමෙට් ෆුඩ්ටෙක් පුද්ගලික ආයතනය වෙත ගෙවිය යුතුව තිබූ රු 928,058.20 ක මුදලින් කොටසක් එම ආයතනයට මුදා හැරීම සිදුකර දීම වෙනුවෙන් අල්ලස් ඉල්ලීම හා අල්ලස් වශයෙන් රු 100,000.00 මුදලක් තම පුද්ගලික ගිණුම වෙත බැරකරවාගෙන ඇත. ඒ අනුව තුටු පඬුරක් ඉල්ලීම හා තුටු පවුර භාරගැනීම යන චෝදනාවට අදාළව ද ඉහත කුරුන්දුව සත්වගේ විසින් පුෂ්පකුමාර (සැපයුම් කළමණාකරු) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඉහත චූදිතයන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසා තිබුණා.




