අල්ලස් චෝදනා මත කාර්යාල කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට
ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට
රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරු මත, සිදු කරන ලද වැටලීමකට අනුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් නඩු වාර්තාවක සහතික පිටපතක් ලබාදීම සඳහා රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (29) පෙ.ව.10.26ට පමණ කෙසෙල්වත්ත පොලිස් ස්ථානය ආසන්නයේ ඇති වෙළෙඳසැලක් ඉදිරිපිට දී සැකකරුව අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහු කොළඹ 12, දිසා අධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයෙකු සේවය කර තිබු අතර සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.




