සොඳුරු නිවසක් විකසිත පවුලක් යටතේ නිවාස 68ක් ජනතා අයිතියට

0
සොඳුරු නිවසක් විකසිත පවුලක් යටතේ නිවාස 68ක් ජනතා අයිතියට

සොඳුරු නිවසක් විකසිත පවුලක් යටතේ නිවාස 68ක් ජනතා අයිතියට

සොඳුරු නිවසක් විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මකයි.

මේ යටතේ පිළිසකර කටයුතු අවසන් කර නිවාස 68ක් නිවැසියන් වෙත භාරදීම පසුගියදා සිදුකෙරුණි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් සොඳුරු නිවසක් විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ඒ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීවයි.

මේ යටතේ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මහනුවර පන්විල කැලෑ බොක්ක වතුයායේ දියනිල්ල කොටසේ නිවාස 68ක් පිළිසකර කර එම ජනතාවට භාරදීම සිදුකෙරුණා.

ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න / පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ එම් බස්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් වැවිලි ක්ෂේත්‍රයේ අපනයනයකරුවන් / වෙළෙඳ සංගම් හා ආයතන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 112ක මූල්‍ය පරිත්‍යාගයක්ද සිදුකළා.

මේ අතර අඩුආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියට අනුව පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ එවැනි නිවසක් ඉදිකිරිමේ කටයුතු ආරම්භ කෙරුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ ප්‍රදානත්වයෙන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com