ව්‍යාජ වට්ස්ඇප් සමූහයක් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

0
වට්ස්ඇප් සමූහයක් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

වට්ස්ඇප් සමූහයක් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් වට්ස්ඇප් සමූහ ජාලයක් පවත්වා ගෙන යන බවට නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

එම වට්ස්ඇප් සමූහ ජාලය සිය අමාත්‍යංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන බවයි එම අමාත්‍යංශය අවධාරණය කරයි.

ඒ අනුව එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසත් එම අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com