විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීය නිෂ්පාදන ව්‍යාපෘතියක්

0
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීය නිෂ්පාදන ව්‍යාපෘතියක්

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීය නිෂ්පාදන ව්‍යාපෘතියක්

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීය නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.

2025 අයවැය යටතේ සමාජ ආරක්ෂණය සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහාය උපකරණ දේශීයව නිෂ්පානය කිරීමේ පහසුකම් පුළුල් කිරීමට යෝජනා කරනු ලැබ ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව, රාගම රක්ත වේද පුනරුත්ථාපන රෝහල සහ ශ්‍රී ලංකා ජාතික රෝහල ආශ්‍රිතව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙයි.

රාගම රක්ත වේද හා පුනරුත්ථාපන රෝහලේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල උපකරණ සපයන සේවාවන් වැඩි දියුණු කිරීම සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදියි අනතුරු හා විකලාංග සේවාව යටතේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීයව නිපදවීමේ පහසුකම් වැඩි දියුණු කිරීම යන සංරචක මෙම ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව, එකී ව්‍යාපෘතිය 2025-2027 මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ රුපියල් මිලියන 630.2ක ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com