ට්‍රම්ප්ට එරෙ­හිව ‘No Kings’ විරෝ­ධතා රැල්ල­කින් අමෙ­රි­කාව කැල­ඹෙයි

0
ට්‍රම්ප්ට එරෙ­හිව ‘No Kings’ විරෝ­ධතා රැල්ල­කින් අමෙ­රි­කාව කැල­ඹෙයි

ට්‍රම්ප්ට එරෙ­හිව ‘No Kings’ විරෝ­ධතා රැල්ල­කින් අමෙ­රි­කාව කැල­ඹෙයි

අමෙ­රි­කාවේ ජනා­ධි­ප­ති­ව­ර­යාට එරෙ­හිව සෙනසුරාදා (18) රාත්‍රී රට පුරා ‘රජ­ව­රුන් එපා’ නමින් අති­වි­ශාල විරෝ­ධතා රැල්ලක් පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිව්යෝර්ක් නග­ර­යෙන් ආරම්භ වූ එම විරෝ­ධ­තා­වට 2,500කට රැලි සංවි­ධා­නය කර තිබූ බවත්, සෙන­සු­රාදා වන විට වොෂි­න්ටන් ඩීසී, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජ­ලිස් ඇතුළු සෙසු නග­ර­ව­ල­ටත් පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. දහස් සංඛ්‍යාත ජන­තාව නිව්යෝර්ක් නුවර ටයිම්ස් චත්‍ර­ර­ස්‍රය අසලට රැස්ව පැවැත්වූ එම විරෝ­ධ­තාව සංවි­ධාන කර ඇත්තේ No Kings නමැති වාමාං­ශික කණ්ඩා­යම විසින් බවද වාර්තා වේ.

ජනා­ධි­ප­ති­ව­රයා විසින් පරි­පා­ලන කට­යුතු සිදු කරන ආකා­රය දැඩි විවේ­ච­න­යට ලක් කර­මින් ඓති­හා­සික ටයිම්ස් චතු­ර­ස්‍රය අස­ලට රැස්වූ විරෝ­ධ­තා­ක­රු­වන් අධි­ප­ති­වා­දය නොව ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය යනු­වෙන් සඳ­හන් වූ විරෝ­ධතා පුවරු ප්‍රද­ර්ශ­නය කර­මින් උද්ඝෝ­ෂ­ණය කළ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

මේ අතර ට්‍රම්ප් පරි­පා­ල­නය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් විරෝ­ධ­තා­ක­රු­වන් අන්ත වාමාං­ශික ව්‍යාපා­ර­යට සම්බ­න්ධ­වූ­වන් බවත්, එය අමෙ­රි­කානු විරෝධි රැල්ලක් බවත් ප්‍රකාශ කර තිබේ. සාමය හා ආර­ක්ෂාව තහ­වුරු කිරී­මට එරට ප්‍රාන්ත රැසක ජාතික ආර­ක්ෂක හමු­දාව යොදවා ඇතැයිද වාර්තා වේ. කෙසේ වුවත් විරෝ­ධ­තාවේ සංවි­ධා­ය­ක­යන් සඳ­හන් කර ඇත්තේ එය සාම­කාමී විරෝ­ධ­තා­වක් බවය. පසු­ගිය ජන­වාරි මාස­යේදී නැවත බල­යට පත්වී­මෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයේ බලය පුළුල් ලෙස භාවිත කර ඇතැයිද, මධ්‍යම රජයේ අංශ විසු­රුවා හැරී­මට සහ ප්‍රාන්ත ආණ්ඩු­කා­ර­ව­රුන්ගේ විරෝ­ධතා නොතකා එම ප්‍රාන්ත­ව­ලට ජාතික ආර­ක්ෂක බළ­කාය යෙද­වී­මට විධා­යක නියෝග භාවිත කර ඇතැයිද විරෝ­ධ­තා­ක­රු­වන් චෝදනා කර තිබේ.

මේ අතර අමෙ­රි­කාව නැවත ගොඩ නැඟීම සිය වග­කීම බව අව­ධා­ර­ණය කර­මින් විරෝ­ධ­තා­ක­රු­වන්ට එරෙ­හිව නඩු පව­රන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නීති නිල­ධා­රින්ට උප­දෙස් දී ඇති අතර, තමා ඒකා­ධි­ප­ති­යකු හෝ පැසි­ස්ට්වා­දි­යකු ලෙස හැසි­රෙන බවට විරෝ­ධ­තා­ක­රු­වන් එල්ල කරන චෝදනා ප්‍රති­ක්ෂේප කර තිබේ. නිව්යෝර්ක් පොලී­සිය ප්‍රකාශ කර ඇත්තේ නග­රයේ ස්ථාන 5ක් පුරා ලක්ෂ­ය­කට අධික විරෝ­ධ­තා­ක­රු­වන් රැස්වී සිටින බවය. කෙසේ වුවත් විරෝ­ධ­තාව සම්බ­න්ධව මෙතෙක් කිසිදු පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගෙන නැති බවද නිව්යෝර්ක් පොලී­සිය සඳ­හන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com