G රාජපක්ෂ නැමැත්තෙකුට අයත් බව කී නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට

G රාජපක්ෂ නැමැත්තෙකුට අයත් බව කී නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට
කතරගම ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසට අයිතිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරා ගැනීමෙන් පසු එය නිරීක්ෂණය සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා එක්වුණා.
කතරගම ප්‍රදේශයේ පිහිටි මෙම නිවස ජී රාජපක්ෂ නමැත්තෙකුට අයත් බවටයි ප්‍රකාශ කෙරුණේ.
එහෙත් එම නිවසේ අයිතිය සම්බන්ධයෙන් කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් නිවස පවරා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළා.
එම නිවස නිරීක්ෂණය සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා සහභාගී වූ අතර ඒ මහතා එහිදි අවධාරණය කළේ කිසිවෙකුගේ තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන ඇති බවයි.