අල්ලස් ගත් කෘෂිකර්ම නිලධාරියෙක් රිමාන්ඩ්

අල්ලස් ගත් කෘෂිකර්ම නිලධාරියෙක් රිමාන්ඩ්
අල්ලස් ලබාගැනිමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
දියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනුණේ ඇතිලිවැව නගරයේ අවන්හලක් තුලදියි.
ඒ පුද්ගලයෙකුගෙන් ලැබුණ පැමිණිල්ලකට අනුවයි.
සැකකාර කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා අනවසරයෙන් අල්ලාගෙන වගාකරන ලද අක්කර 20 ක රජයේ ඉඩමකින් අක්කර 12ක් ලබාදීමට අල්ලස් මුදල් ඉල්ලා ඇති බවටයි පැමිණිල්ලක් ලැබී තිබුණේ.
මෙම ඉඩමට පැමිණිලිකරු අක්කර බදු ගෙවු බවට කුවිතාන්සියක් ලබාදි ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරදීම සඳහා මුලින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ඉල්ලා තිබෙනවා.
පසුව ඉන් රුපියල් ලක්ෂ 10ක් ලබාගැනිම සහ ඉතිරි ලක්ෂ 25න් ලක්ෂ 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටිමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගැනුණා.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.