රාජ්‍ය ආයතනවලට දුඹුරු සීනි

0
රාජ්‍ය ආයතනවලට දුඹුරු සීනි

රාජ්‍ය ආයතනවලට දුඹුරු සීනි

රාජ්‍ය ආයතන විසින් ප්‍රදානය කරනු ලබන ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්යය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.

සීමා සහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක වන පැලවත්ත හා සෙවනගල කර්මාන්ත ශාලා මඟින් දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 56,000ක් පමණ වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන අතර, උක් වගාවේ සාරවත් අස්වැන්න හේතුවෙන් මෙම වර්ෂයේ දුඹුරු සීනි නිෂ්පාදනය එම සීමාව ඉක්මවා ගොස් තිබෙන බව සඳහන් වෙයි.

ඒ අනුව, ගුණාත්මක භාවයෙන් ඉහළ දේශීය නිෂ්පාදනයක් වන දුඹුරු සීනි මෙරට ජනතාව තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම මඟින් දේශීය දුඹුරු සීනි කර්මාන්තය තිරසරව සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. එමෙන්ම, එම කර්මාන්තශාලා වල සේවයේ නියුතු සේවකයන්, මෙම කර්මාන්තයෙන් යැපෙන දේශීය උක් ගොවීන් මෙන්ම එම නිෂ්පාදන කර්මාන්තයට සෘජු හා වක්‍ර සේවා සපයන්නන් රැක ගැනීම පිණිස දුඹුරු සීනි නිෂ්පාදන සඳහා දේශීය වෙළෙඳ පොළ තුළ විකුණුම් අවස්ථා වැඩි කර ගැනීමේ අවශ්‍යතාවද හඳුනාගෙන තිබෙයි.

ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් වැනි රාජ්‍ය ආයතනයන් සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්‌ය කිරීමටත්, සීමා සහිත ලංකා සතොස විසින් සෘජුවම සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ දුඹුරු සීනි මිල දී ගෙන පාරිභෝගිකයින්ට අලෙවි කිරීමටත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com