කෘෂිකාර්මික පිළිවෙත් සඳහා පොදු ලාංඡනයක් හඳුන්වා දීමට බලයලත් ඒකකයක්

0
කෘෂිකාර්මික පිළිවෙත් සඳහා පොදු ලාංඡනයක් හඳුන්වා දීමට බලයලත් ඒකකයක්

කෘෂිකාර්මික පිළිවෙත් සඳහා පොදු ලාංඡනයක් හඳුන්වා දීමට බලයලත් ඒකකයක්

‘ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත්’ (SL GAP) සඳහා පොදු ලාංඡනයක් හඳුන්වාදීම සහ පොදු ‘බලයලත් ඒකකයක්’ පිහිටුවීමට කැබිනට අනුමැතිය ලැබී තිබෙයි.

එම වැඩසටහන මඟින් ආහාර සුරක්ෂිතතාවය ප්‍රවර්ධනය කිරීම, වාණිජ මට්ටමින් බෝග වගාවේ නියැලෙන ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිය තහවුරු කිරීම සහ කෘෂි බෝග නිෂ්පාදනය කිරීමේදී වගාවට යොදන කෘෂි රසායන හා අනෙකුත් යෙදවුම් අවම මට්ටමකින් භාවිත කිරීම මඟින් පාරිසරික තිරසරභාවය ඉහළ දැමීම හා ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත අස්වැන්නක් ලබා ගැනීම අපේක්ෂා කරනු ලැබේ.

දැනට SL GAP වැඩසටහන සඳහා භාවිත කරනු ලබන ලාංඡනයේ බලධාරිත්වය 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් සතු වන බැවින්, එම ලාංඡනය සමඟ ‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව’ නාමය ද යොදා ගනු ලැබේ.

SL GAP වැඩසටහන සෑම කෘෂි බෝගයක්ම ආවරණය වන පරිදි පුළුල් කළ යුතුව පවතින අතර, විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන විසින් එක් එක් බෝග සඳහා SL GAP ලාංඡනය විවිධ අයුරින් භාවිත කිරීම හා වෙන් වෙන්ව බලයලත් ඒකක යොදා ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවට, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ පොදු ලාංඡනයක් යටතේ පොදු බලයලත් ඒකකයක් පිහිටුවා ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගෝලීය සහතිකකරණයේදී වඩාත් වාසිදායක වනු ඇති බවට හඳුනාගනු ලැබ ඇති බවයි සඳහන් වනුයේ.

ඒ අනුව, එක් පොදු ලාංඡනයක් හඳුන්වා දීමටත්, බලයලත් ඒකකය ලෙස (Scheme Owners) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් පත් කිරීමටත්, අදාළ අනෙකුත් අමාත්‍යාංශ සහ ආයතන යටතේ SL GAP වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් උපඒකක ස්ථාපිත කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com